Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ශ්‍ර්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 457ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 04ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 457කි.

454 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 24 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ලේ විෂ වීමේ කම්පනය සහ උග්‍ර වකුගඩු රෝගයයි.

455 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගල්කිස්ස ප්‍රදේ්ශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවකි. 2021 පෙබරවාරි 21 වන දින දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර දියවැඩියාව සහ කොවිඩ් ආසාදනයයි.

Giraya News Alerts

456 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 23 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

457 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වත්තල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. වැලිසර ලය රෝහලේ සිට උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 24 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර හෘදයාබාධයකි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top