ලොව පුරා කොවිඩ් – 19 සඳහා එන්නත් කිරීමේ වැඩසටහනේ ප්‍රධාන පරමාර්ථය වන්නේ සංකූලතා අවම කිරීම සහ එමඟින් කොවිඩ් – 19 නිසා සිදුවන මරණ අවම කිරීම බවත් ඒ අනුව මේ වසර තුළ කොවිඩ් – 19 එන්නත් නිපදවීම සීමිත විය හැකි බැවින් ප්‍රමුඛතා කණ්ඩායම් හඳුනා ගෙන ඔවුන්ට එන්නත් ලබා දීම අතිශයින්ම වැදගත් වන බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ, දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිවීම පිළිබඳව තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බවයි.
“ජාතික එන්නත්කරණ සැලැස්ම ක්‍රියාවට නැගීමේදී කලින් හඳුනාගෙන ඇති පරිදි ප්‍රමුඛතාවය ලබාදෙනු ලැබුවේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් සහ කොවිඩ්-19 වැළක්වීමේ ක්‍රියාකාරී වැඩපිළිවෙලට ඝෘජුවම සම්බන්ධ වූවන්ට එන්නත් ලබාදීමයි.”
එම සංගමය පැවසුවේ ඉතිරි ප්‍රමුඛතා කණ්ඩායම් වූවේ වයස අවුරුදු 60ට වැඩි අය සහ බෝනොවන රෝගවලින් පෙළෙන අය බවයි.
නමුත් එම ක්‍රියාවලිය වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පසුව තීරණය කළ බව ඔවුන් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


