ශ්රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 81,009ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (23) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 492 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින් 492 දෙනා අතරින් ආසාදිතයින් 477 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද, 15 දෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ.
දිස්ත්රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- කොළඹ දිස්ත්රික්කය – 103
- ගම්පහ දිස්ත්රික්කය – 88
- අම්පාර දිස්ත්රික්කය – 53
- නුවරඑළිය දිස්ත්රික්කය – 48
- යාපනය දිස්ත්රික්කය – 32
- මහනුවර දිස්ත්රික්කය – 29
- මුලතිව් දිස්ත්රික්කය – 24
- අනුරාධපුරය දිස්ත්රික්කය – 18
- මොණරාගල දිස්ත්රික්කය – 17
- හම්බන්තොට දිස්ත්රික්කය – 16
- කෑගල්ල දිස්ත්රික්කය – 15
- කුරුණෑගල දිස්ත්රික්කය – 12
- ගාල්ල දිස්ත්රික්කය – 10
- රත්නපුර දිස්ත්රික්කය – 09
- කළුතර දිස්ත්රික්කය – 04
- මාතර දිස්ත්රික්කය – 04
- බදුල්ල දිස්ත්රික්කය – 03
- පුත්තලම දිස්ත්රික්කය – 02
- මාතලේ දිස්ත්රික්කය – 02
- මන්නාරම දිස්ත්රික්කය – 02
- පොළොන්නරුව දිස්ත්රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්රීය ආසාදිතයින් ප්රමාණය 4714ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 75,842 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ඊයේ (23) දිනයේ දී තවත් කොවිඩ් – 19 මරණ 03ක් වාර්තා විය. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 453ක් දක්වා ඉහළ ගොස් ඇත.
