ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කොවිඩ් එන්නත ලබා ගත් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.
මෙහිදී ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය හට කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න කෙරුණා.
එහිදී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ එන්නත සම්බන්ධයෙන් ජනතාව තුළ උනන්දුවක් ඇති කරවීම සඳහා සනත් ජයසුරිය ඇතුළු රටේ දේශපාලන ප්‍රධානින් සහ සමාජයේ ජනප්‍රිය පුද්ගලයින් එන්නත ලබාගැනීම සිදුකරනු ලැබූ බවයි
