සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 450කි.
446 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දුනගහ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 20 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ උග්‍ර දියවැඩියාව සහ උග්‍ර වකුගඩු ආසාදනයයි.
447 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි. 2021 පෙරවාරි 19 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
448 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 පෙබරවාරි 20 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමඟ ලේ විෂවීම සහ මුත්‍රා මාර්ගයේ උග්‍ර ආසාදනයයි.
449 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවකි. ගම්පහ දිස්ත්‍රික් රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර වකුගඩු හානිවීමයි.
450 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 පෙබරවාරි 20 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, උග්‍ර දියවැඩියාව සහ අධි රුධිර පීඩනයයි.
