Advertise with Giraya
NEWS

සමස්ත ආසාදිතයින් ගණන 80,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (22) පස්වරු 6.30 වන විට 80,222ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, තවත් නව ආසාදිතයින් 223 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

එමෙන්ම, අද (22) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 633 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. මේ වන විට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 75,110 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 4667ක් ලෙස සටහන් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 445කි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top