සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 10ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 445කි.
436 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 21 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ අක්මා රෝගී තත්ත්වයකි.
437 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දි 2021 පෙබරවාරි 21 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
438 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කළුතර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. 2021 පෙබරවාරි 16 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ලේ විෂවීම, හෘද රෝගී තත්ත්වය සහ උග්‍ර දියවැඩියාවයි.
439 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවකි. 2021 පෙබරවාරි 16 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමග ලේ විෂවීම සහ අධි රුධිර පීඩනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.
440 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බිබිල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මොණරාගල දිස්ත්‍රික් රෝහලේ සිට මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 19 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ මොළයට ලේ වහනය වීම සහ කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ ශ්වසන මාර්ගයේ ආසාදනයයි.
441 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බදුල්ල දිස්ත්‍රික් මහ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ 2021 පෙබරවාරි 20 වන දින මියගොස් ඇත මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, හෘද රෝගී තත්ත්වය, වකුගඩු රෝගී තත්ත්වය හා උග්‍ර දියවැඩියාවයි.
442 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පිටකෝට්ටෛ් ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේ දී 2021 පෙබරවාරි 19 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ උග්‍ර ඇදුම රෝගී තත්ත්වය සහ උග්‍ර දියවැඩියාවයි.
443 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කුඩල්ගමුව ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 14 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය, තුවාලයක් නිසා ඇති වූ ලේ විෂවීම සහ වකුගඩු රෝගී තත්ත්වයකි.
444 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජයවර්ධනපුර රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පිඹුර මූලික රෝහල වෙත මාර් කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 20 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
445 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, හැටන් ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් – 19 ආසාදිතයෙකි ලෙස හඳුනා ගැනිමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දි 2021 පෙබරවාරි 20 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය, උග්‍ර දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ මොළයේ සෛල මියයාමයි.
