Advertise with Giraya
NEWS

කුරුවිට හා තිහාරිය ප්‍රදේශවලින් කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 02ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 435කි.

434 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කුරුවිට ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහරගම අපේක්ෂා රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දි 2021 පෙබරවාරි 19 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ශ්වසන පද්ධතිය අක්‍රීය විම, ලේ විෂ වීම, කොවිඩ් නියුමෝනියාව සහ පිළිකා රෝගී තත්ත්වයකි.

435 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, තිහාරිය පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ගම්පහ දිස්ත්‍රික් රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 20 වන දින මියගොස් ඇක. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top