Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 79,000 පනී

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (20) පස්වරු 6.00 වන විට 79,194ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, තවත් නව ආසාදිතයින් 257 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

එමෙන්ම, අද (20) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 890 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. මේ වන විට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 73,456 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5305ක් ලෙස සටහන් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 433කි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top