හලාවත – ආණමඩුව මාර්ගයේ පල්ලම – සේරුකැලේ ප්‍රදේශයේ දී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන්ගත් මෝටර් රථය අද (20) උදෑසන අනතුරට ලක් වීමෙන් එහි රියදුරු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍යවරයාට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් තුවාල ලැබූ තිදෙනා හලාවත රෝහලට ඇතුළත් කළ බවත් පොලීසිය සඳහන් කරයි.
වාහනය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
