සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 03ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 433කි.
431 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මාතලේ ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මාතලේ මහ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 18 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
432 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. වතුපිටිවල මූලික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුන ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 19 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ බැක්ටීරියා ආසාදනයකි.
433 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නුගෝගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 18 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, උග්‍ර වකුගඩු හානි වීම, වකුගඩු රෝගය, අධි රුධිර පීඩනය සහ උග්‍ර දියවැඩියාවයි.
