පසුගියදා මොරටුව රාවතාවත්ත කහ ඉර මත දී පුද්ගලික බස් රථයක ගැටී මිය ගිය පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
අනතුර සිදු වී මහමඟ වැටී සිටි 69 හැවිරිදි පුද්ගලයා පිළිබඳව ලැබුුනු දුරකථන ඇමතුමකට අනුව පොලීසිය එම ස්ථානයට යන විටත් ඔහුව රෝහලට ගෙන යාමට කිසිවෙකුත් කටයුතු කර නොතිබූ අතර පොලිස් රථවාහන අංශ නිලධාරින් විසින් අනතුරට ලක් වු අය සිය පොලිස් ජංගම රථයෙන් පානදුර මුලික රෝහලට ගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේ දී ඔහු මියගොස් සිට ඇත.
පසුව මියගිය අයගේ මෘත දේහය ඔහුගේ ඥාතින් වෙත බාර දීමට පෙර රෝහලේදී සිදුකල පී. සී. ආර්. පරීක්ෂණයේදී මිය ගිය පුද්ගලයාට කොරෝනා ආසාදිත ලෙස වාර්තා පළවීම නිසා ආශ්රිත පොලිස් නිලධාරින් ස්වයං නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව, අනතුරට ලක් වූ පුද්ගලයාව රෝහලට රැගෙන ගිය මොරටුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පස් දෙනෙකු අද (18) ස්වයං නිරෝධානයට ලක් කළ බව පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයා පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලික ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පුද්ගලයකු වේ.
අදාළ පුද්ගලයාගේ දේහය පානදුර පොදු ආදාහනාගාරයේ කොවිඩ් නීතිරීතිවලට අනුව ආදාහනය කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනා ගත් දරුවන් දෙදෙනා සහ බිරිඳ පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඔවුන් තිදෙනා ආසාදිතයන් නොවන බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
