Advertise with Giraya
NEWS

අයිස් සමඟ යුවළක් බණ්ඩාරගමදී කොටු වෙයි

අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදී සිටි යුවළක් බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය මඟින් ඊයේ (18) රාත්‍රියේ දී සිදු කළ මෙහෙයුමකින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් වන අවස්ථාවේ දී ඔවුන් සතුව අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 750ක් සහ හෙරොයින් ග්‍රෑම් 11ක් ද හමු වූ බව පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම, එම ප්‍රදේශයේ ම ගංජා ළඟ තබා ගත් කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Giraya News Alerts

මොවුන් සියලුදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමට නියමිත අතර සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය පිළිබඳව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top