Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පෙබ. 18 වන දින දිස්ත්‍රික්ක 5ක ආසාදිතයින් 50 සීමාව ඉක්මවා වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 7,420ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (18) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 514 දෙනා ද ඇතුළුවයි.

එම ආසාදිතයින් 514 දෙනා අතරින් ආසාදිතයින් 501 දෙනෙකු පෑළියගොඩ පොකුරට අයත් වේ. අනෙක් ආසාදිතයින් 13 දෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් ද වේ.

දිස්ත්‍රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

Giraya News Alerts
  • කොළඹ දිස්ත්‍රික්කය – 105
  • ගම්පහ දිස්ත්‍රික්කය – 68
  • මහනුවර දිස්ත්‍රික්කය – 68
  • කළුතර දිස්ත්‍රික්කය – 51
  • රත්නපුර දිස්ත්‍රික්කය – 51
  • මාතලේ දිස්ත්‍රික්කය – 25
  • අම්පාර දිස්ත්‍රික්කය – 24
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 19
  • මුලතිව් දිස්ත්‍රික්කය – 13
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 12
  • ගාල්ල දිස්ත්‍රික්කය – 11
  • බදුල්ල දිස්ත්‍රික්කය – 11
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 11
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 09
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 09
  • පුත්තලමදිස්ත්‍රික්කය – 05
  • කිළිනොච්චිය දිස්ත්‍රික්කය- 04
  • මාතර දිස්ත්‍රික්කය – 01
  • වව්නියාව දිස්ත්‍රික්කය – 01
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 01
  • මන්නාරම දිස්ත්‍රික්කය – 01
  • මොණරාගල දිස්ත්‍රික්කය – 01

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය ‍6167ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 71,823 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ඊයේ (18) දිනයේ දී තවත් කොවිඩ් – 19 මරණ 08ක් වාර්තා විය. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 430ක් දක්වා ඉහළ ගොස් ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top