Advertise with Giraya
NEWS

20 හැවිරිදි තරුණියක් කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට

(යාවත්කාලීන කිරීම – පෙබරවාරි 22 වන දින ප.ව. 10.20)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ්- 19 ආසාදිත රෝගීන්ගේ මරණ 08ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 430කි.

423 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවකි. 2021 පෙබරවාරි 16 දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර දියවැඩියාවයි.

Giraya News Alerts

424 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. අනුරාධපුර මෙත්සිරි සෙවණ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී 2021 පෙබරවාරි17 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ හෘද රෝගී තත්ත්වය, උග්‍ර වකුගඩු හානි වීම සහ අධි රුධිර පීඩනයයි.

425 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මීගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිරදි පිරිමි පුද්ගලයෙකි. වැලිසර ලය රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දි 2021 පෙබරවාරි 16 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ බ්‍රොන්කයිටීස් තත්ත්වය හේතුවෙන ශ්වසන පද්ධතිය අක්‍රීය වීම සහ කොවිඩ් නියුමෝනියාවයි.

426 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, රිදීමාලියැද්ද ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි කාන්තාවකි. කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට මහියංගණය මූලික රෝහලත් එම රෝහලෙන් බදුල්ල මහ රෝහලටත් මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 17 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියාව සමඟ ශ්වසන පද්ධතිය අක්‍රීය විමයිි.

427 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දෙකටන ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දොම්පේ දිස්ත්‍රික් රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබවරවාරි 18 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, උග්‍ර දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ ඇදුම රෝගී තත්ත්වයයි.

428 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, පෙනහළු ආසාදනය සහ ඇදුම රෝගී තත්ත්වයයි.

429 කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

430 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වත්තල ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 20 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ හෘදයේ සහ ශ්වසන පද්ධතියේ අක්‍රීය වීමයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top