Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

හිජාස් හිස්බුල්ලා සහ මද්‍රාසා පාසලේ විදුහල්පති රිමාන්ඩ්

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වීම හා පුත්තලම ප්‍රදේශයේ මද්‍රාසා පාසලක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා සහ අදාළ පාසලේ විදුහල්පති වන මොහොමඩ් ශකීල් ලබන 03 වන දා දක්වා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අද (18) නියෝග කළා.

සැකකාර හිජාස් හිස්බුල්ලා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ මාස 10කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවාගෙන විමර්ශන සිදුකිරීමෙන් පසුවය.

පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වීම, පුත්තලමේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා මත නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ අප්‍රේල් 14 වනදාය.

Giraya News Alerts

එම දෙපාර්තමේන්තුව හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් මාස 10 කට ආසන්න කාලයක් දීර්ඝ විමර්ශනයක් සිදුකළේය.

ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු සම්බන්ධයෙන් ලබා ගත් රැඳවුම් නියෝගය අවස්ථා කිහිපයකදී දිර්ඝ කරමිනි.

එම විමර්ශනයේ උදෘත අධ්‍යනය කළ නීතිපතිවරයා ඊයේ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නීතිඥ හිජාස් හිස්බුල්ලා සැකකරුවෙකු ලෙස නම්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

එමෙන්ම සිදුවීමට මූලික වූ පුත්තලම මුන්දලම ප්‍රදේශයේ මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් නැමැත්තා ඊයේ (17) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ ද නීතිපතිවරයාගේ උපදෙස් අනුවය.

ඒ අනුව සැකකරුවන් අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කෙරුණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top