Advertise with Giraya
FOREIGN

දකුණු අප්‍රිකාවෙන් හමු වූ නව කොවිඩ් ප්‍රභේදය ඉන්දියාවෙනුත් හමු වෙයි

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් ප්‍රභේද දෙකක් ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා. මේ වනවිට එම ප්‍රභේද ආසාදිත පුද්ගලයන් 05 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ කොවිඩ් ප්‍රභේදය සහිත ආසාදිතයන් 04 දෙනෙකු සහ බ්‍රසීල ප්‍රභේදය සහිත පුද්ගලයෙකු හඳුනාගැනීමත් සමඟ එරට තුළ නව සංචාරක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම, බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයන් 187 දෙනෙකු ද මීට පෙර ඉන්දියාවෙන් වාර්තා වී තිබුණා.

ඉන්දියාවේ නව සංචාරක මාර්ගෝපදේශ අනුව විදේශ සංචාරයට පැය 72 කට පෙර සිදුකරන පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයෙකු නොවන සංචාරකයන්ට ගුවන් ගමන් සඳහා අවසර හිමි වේ.

බ්‍රිතාන්‍යය, යුරෝපය සහ මැදපෙරදිග හරහා පැමිණෙන සංචාරකයන්ට තම පෞද්ගලික වියදමින් කොවිඩ් පරීක්ෂණ සිදුකරගැනීමට අනිවාර්ය වන අතර, ආසාදිතයන් ලෙස හඳුනාගැනෙන පුද්ගලයින් වෙන් කර තැබීමේ ක්‍රියාවලියට ද යටත් විය යුතු බව ද නව මාර්ගෝපදේශයන්හි සඳහන් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top