ශ්රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 77,906ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (17) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 722 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින් 722 දෙනා අතරින් ආසාදිතයින් 713 දෙනෙකු පෑළියගොඩ පොකුරට අයත් වේ. අනෙක් ආසාදිතයින් 09 දෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් ද වේ.
දිස්ත්රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- කොළඹ දිස්ත්රික්කය – 223
- ගම්පහ දිස්ත්රික්කය – 160
- රත්නපුර දිස්ත්රික්කය – 75
- මහනුවර දිස්ත්රික්කය – 49
- කුරුණෑගල දිස්ත්රික්කය – 29
- කළුතර දිස්ත්රික්කය – 25
- කෑගල්ල දිස්ත්රික්කය – 22
- බදුල්ල දිස්ත්රික්කය – 38
- මාතලේ දිස්ත්රික්කය – 14
- ගාල්ල දිස්ත්රික්කය – 12
- කිළිනොච්චිය දිස්ත්රික්කය – 10
- අනුරාධපුර දිස්ත්රික්කය – 08
- නුවරඑළිය දිස්ත්රික්කය – 07
- මාතර දිස්ත්රික්කය – 06
- අම්පාර දිස්ත්රික්කය – 04
- හම්බන්තොට දිස්ත්රික්කය – 03
- පොළොන්නරුව දිස්ත්රික්කය – 03
- යාපනය දිස්ත්රික්කය – 02
- මන්නාරම දිස්ත්රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්රීය ආසාදිතයින් ප්රමාණය 6308ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 71,176 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ඊයේ (17) දිනයේ දී තවත් කොවිඩ් – 19 මරණ 13ක් වාර්තා විය. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 422ක් දක්වා ඉහළ ගොස් ඇත.
