Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පාස්කු සිදුවීමේ සැකකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර සාකච්ඡා

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන් 03 දෙනෙකුට එරෙහිව ගොණු කර ඇති චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ අමෙරිකානු නීති දෙපාර්තමේන්තුව සාකච්ඡා කර තිබෙනවා.

අයි එස් සංවිධානයටද සම්බන්ධ බව කියන මොවුන් 03 දෙනාට එරෙහිව ලොස් ඇන්ජලීස් නුවර දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ අපරාධ චෝදනා ගොණු කෙරුණේ පසුගිය දෙසැම්බර් 11 වනදායි.

ඒ වසර එකහාමාරකට ආසන්න කාලයක් එෆ් බී අයි ආයතනය විසින් සිදුකල විමර්ශනයකින් අනතුරුවයි.

Giraya News Alerts

ට්විටර් සටහනක් තබමින් වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, තානාපති රවිනාථ ආරියසිංහ සහ අමෙරිකා නීති දෙපාර්තමේන්තු නිළධාරීන් අතර පැවති සාකච්ඡාවේදී එරට එල්. ටී. ටී. ඊ. හිතවාදී ක්‍රියාකාරකම් ඉහළ යාම සම්බන්ධයෙන් ද අවධානය යොමුවී ඇති බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top