සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 13ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 422කි.
410 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවකි. නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2021 පෙබරවාරි 11 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සහ වකුගඩු රෝගී තත්ත්වයයි.
411 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ආගරපතන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ආගරපතන රෝහලේ සිට නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී 2021 පෙබරවාරි 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමඟ ඇති වූ උග්‍ර ඇදුම රෝගී තත්ත්වය සහ දියවැඩියාව රෝගී තත්ත්වයයි.
412 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පෑළියගොඩ ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 16 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, හෘද රෝගී තත්ත්වය සහ වකුගඩු රෝගී තත්ත්වයකි.
413 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බෝම්බුවල ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 පෙබරවාරි 05 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ නියුමෝනියාව සහ අධි රුධිර පිඩනයයි.
414 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කළුතර ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 පෙබරවාරි 05 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර ඇදුම රෝගී තත්ත්වය, කොවිඩ් ආසාදනය සහ පෙනහළු පිළිකා තත්ත්වයකි.
415 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නෑබොඩ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 පෙබරවාරි 10 නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂ වීම, කොවිඩ් – 19 ආසාදනය සහ උග්‍ර දියවැඩියාවයි.
416 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මග්ගොන ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 පෙබරවාරි 05 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ හෘද රෝගී තත්ත්වය සහ අධි රුධිර පීඩනයයි.
417 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, උතුරු කළුතර ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 පෙබරවාරි 07 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ අධි රුධිර පීඩනයයි.
418 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, උතුරු කළුතර ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 පෙබරවාරි 05 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ ලේ විෂ වීම හා හෘද රෝගී තත්ත්වයයි.
419 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ගම්පොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 15 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය, පෙනහළු රෝගී තත්ත්වය සහ අධි රුධිර පීඩනයයි.
420 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පානදුර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 17 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, ලේ විෂවීම සහ පෙනහළු පිළිකා රෝගී තත්ත්වයකි.
421 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වෑඋඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහනුවර පෞද්ගලික රෝහලක සිට තෙල්දෙණිය මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 03 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර වකුගඩු හානි වීමයි.
422 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට මිනුවන්ගොඩ මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 17 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමඟ ඇති වූ උග්‍ර වූ හෘද රෝගී තත්ත්වයක් සහ වකුගඩු රෝගී තත්ත්වයකි.
