Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගනු ලබන කොරෝනා ආසාදිතයින් ගණන 28ක් දක්වා ඉහළට

මේ වන විට, දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ගනු ලබන කොරෝනා ආසාදිතයින් ගණන 28ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

එමෙන්ම, මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතවූවන් සඳහා වෙන් කර ඇති ප්‍රතිකාර මධ්‍යස්ථාන 80ක් දක්වා වැඩි කර ඇති බවත් සඳහන් කර සිටි වෛද්‍යවරයා, එම මධ්‍යස්ථානවල ඇඳන් 11,766ක් ඇති බව ද පවසයි.

මේ වන විට එම ඇඳවල්වලින් 6,747ක් රෝගීන් සඳහා වෙන්කර ඇතැයි ද පැවසු විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් මෙසේ පැවසීය.

Giraya News Alerts

“මේ හමුවු රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවුණේ. ඒ පිළිබඳව ලොකු ගැටලුවක් නෑ. ඔවුන්ව නිරෝධායනය කරලයි සමාජයට පිටත් කරන්නේ. නමුත් අපිට තවත් රෝගීන් කිහිපදෙනෙක් අවිස්සාවේල්ල හා වව්නියාව ප්‍රදේශයෙන් හමුවෙලා තියෙනවා සමාජයෙන්. මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන විමර්ශන කරලා ඉදිරියේ දී ගතයුතු ක්‍රියාමාර්ග දිගටම කරගෙන යනවා.”

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top