ශ්රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 77,184ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (16) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 756 දෙනා ද ඇතුළුවයි.
එම ආසාදිතයින් 756 දෙනා අතරින් 743 දෙනෙකු පෑළියගොඩ පොකුරේ ද 13 දෙනෙකු බන්ධනාගාර පොකුරේ ද ආශ්රිතයින් වේ.
දිස්ත්රික්කවලට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
- කොළඹ දිස්ත්රික්කය – 172
- ගම්පහ දිස්ත්රික්කය – 168
- මහනුවර දිස්ත්රික්කය – 73
- කළුතර දිස්ත්රික්කය – 64
- රත්නපුර දිස්ත්රික්කය – 64
- කුරුණෑගල දිස්ත්රික්කය – 32
- බදුල්ල දිස්ත්රික්කය – 30
- පුත්තලම දිස්ත්රික්කය – 25
- අම්පාර දිස්ත්රික්කය – 22
- මාතලේ දිස්ත්රික්කය – 18
- අනුරාධපුර දිස්ත්රික්කය – 17
- මාතර දිස්ත්රික්කය – 15
- නුවරඑළිය දිස්ත්රික්කය – 12
- ගාල්ල දිස්ත්රික්කය – 11
- මන්නාරම දිස්ත්රික්කය – 09
- හම්බන්තොට දිස්ත්රික්කය – 07
- පොළොන්නරුව දිස්ත්රික්කය- 06
- කිළිනොච්චිය දිස්ත්රික්කය – 03
- කෑගල්ල දිස්ත්රික්කය – 03
- වව්නියාව දිස්ත්රික්කය – 02
- ත්රිකුණාමලය දිස්ත්රික්කය – 02
- මොණරාගල දිස්ත්රික්කය – 01
දැනට මෙරටින් වාර්තා වන සක්රීය ආසාදිතයින් ප්රමාණය 6346ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 70,429 දෙනෙකු සුවය ලබා ඇත. එමෙන්ම, ඊයේ (16) දිනයේ දී තවත් කොවිඩ් – 19 මරණ 06ක් වාර්තා විය. ඒ අනුව, සමස්ත කොවිඩ් – 19 මරණ ගණන 409ක් දක්වා ඉහළ ගොස් ඇත.
