පිළියන්දල මඩපාත බටුවන්දර ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 250ක් සමඟ පුද්ගලයෙකු ඊයේ (16) පස්වරුවේ දී කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බටුවන්දර ප්‍රදේශයේ පෙදරේරුවෙක් ලෙස සේවය කරන 48 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ගමන්ගත් යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
දැනට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අනුබල දී ඇතැයි සැක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කිරීමට නියමිතයි.
