මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළයෑම සහ රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ත් අතර දක්වා ඉහළ යා හැකි බවයි.
අදාළ මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව ද ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
