Advertise with Giraya
NEWS

කොරෝනා නිසා මෙරට ජීවිත අහිමි වූ ගණන 400 ඉක්මවයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 06ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 403කි.

398 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 14 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

399 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පල්ලෙතලවින්න ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි. මහනුවර ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 14 වන දින මියගොස් ඇත.මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, කොවිඩ් නියුමෝනියාව, සංකූල වූ වකුගඩු රෝගය සහ වකුගඩුවලට හානි සිදුවීමයි.

Giraya News Alerts

400 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහරගම අපේක්ෂා රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 15 වන දින මියගොස් ඇත මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ පිළිකා රෝගී තත්ත්වය සහ කොවිඩ් නියුමෝනියාවයි.

401 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දි 2021 පෙබරවාරි 14 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් නියුමෝනියාව, ලේ විෂවීමේ කම්පනය, උග්‍ර වකුගඩු හානි වීම, සංකූල වූ වකුගඩු රෝගය, හෘද රෝගී තත්ත්වය, අධි රුධිර පීඩනය සහ රුධිරයේ ලිපිඩ ප්‍රමාණය ඉහළ යාමයි.

402 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ,වත්තල ප්‍රදේශයේ පදිංචි 68 හැවිරදි පිරිමි පුද්ගලයෙකි. දොම්පේ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 14 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීමේ කම්පනය, කොවිඩ් නියුමෝනියාව, සංකූල වූ වකුගඩු රෝගය සහ උග්‍ර දියවැඩියාවයි.

403 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 14 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් නියුමෝනියාව, උග්‍ර වකුගඩු රෝගය සහ හෘදය අක්‍රීය වීමයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top