Advertise with Giraya
NEWS

බස්නාහිර අධි අවදානම් ප්‍රදේශවල ජනතාවට අද සිට කොවිඩ් එන්නත

කොවිඩ් – 19 වෛරසය මර්දනය සඳහා නිපදවා ඇති ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනිකා එන්නත අද (15) සිට මහජනතාවට ලබා දීම ආරම්භ කළ බව කොවිඩ් – 19 පැතිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

පළමුවෙන්ම එය බස්නාහිර පළාතේ අධි අවදානම් කලාපවල වෙසෙන වෛරසය ආසාදනය වීමට වැඩි ඉඩක් පවතින පුද්ගලයින් වෙත ලබා දීමට කටයුතු සිදු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top