සාමාන්‍ය ජනතාව සඳහා ලබා දීම වෙනුවෙන් ඇණවුම් කළ එන්නත් තොගයේ පළමු කොටස එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඉදිරි සතිය තුළ දී ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙන එන්නත් තොගයේ පළමු කොටස ද ලබන මාසයේ පළමු හෝ දෙවන සතිය තුළ දී ලැබීමට නියමිත බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
මිලියන 9ක ජනතාවක් එන්නත්කරණය සඳහා මෙම එන්නත් තොග යොදා ගැනීමට නියමිත වේ.
ඒ අනුව, බොහෝ දුරට ඉදිරි සති දෙක තුළ සාමාන්‍ය ජනතාව සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමට හැකියාවක් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
