Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 390ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 06ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 390කි.

385 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවකි. 2021 පෙබරවාරි මස 11 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි, අධි රුධිර පිඩනය සමඟ හෘද රෝගී තත්ත්වයකි.

386 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, හබරාදුව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 12 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීමේ කම්පනය, කොවිඩ් නියුමෝනියාව සහ හෘද රෝගී තත්ත්වයකි.

Giraya News Alerts

387 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර2021 පෙබරවාරි 13 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය නිසා ඇති වූ පෙනහළු ආසාදනය, ඇදුම රෝගී තත්ත්වය සහ අධි රුධිර පීඩනය සමඟ ඇති වූ හෘදයාබාධයයි.

388 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මීගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවකි. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 13 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර හෘද ආසාදනයයි.

389 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මහනුවර ප්‍රදේශයේ පදිංචි 69 හැවිරදි පිරිමි පුද්ගලයෙකි. මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 09 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ හෘද රෝගී තත්ත්වයයි.

390 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නාරංගොඩ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 13 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, උග්‍ර දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝගී තත්ත්වය සහ වකුගඩු රෝගී තත්ත්වයයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top