Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

චීනය තුළ BBC විකාශනය වසරකට තහනම් කරයි

චීනය තුළ BBC ලෝක සේවයේ වැඩසටහන් විකාශය කිරීම තහනම් කර තිබෙනවා.

කොවිඩ් වෛරසය සම්බන්ධ වාර්තාකරණයේදී BBC විසින් අසත්‍ය කරුණු පළකර කිරීම හේතුවෙන් මෙලෙස චීනය විසින් BBC එරට විකාශය තහනම් කළ බවයි වාර්තා වන්නේ. එමෙන්ම තවත් වසරක පමණ කාලයක් යනතුරු මෙම තහනම ඉවත් නොකරන බවද චීනය සඳහන් කර තිබෙනවා.

චීනයට අයත් ප්‍රධාන පෙලේ රූපවාහිනී නාලිකාවක් වන CGTN නාළිකාව මහා බ්‍රිතාන්‍යය තුළ විසුරුවා හැරීම තහනම් කිරීමෙන් පසු චීනය විසින් මෙම තීරණය ගැනීමද විශේෂත්වයකි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top