කටාන, මිරිස්වත්ත ප්රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ආයුධ ගබඩාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වටලා තිබේ.
ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර ඇති අතර ගිනි අවි 8ක් සහ උණ්ඩ 1171 ක් විශේෂකාර්ය බළකාය භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු (60) ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සොයාගත් ගිනිඅවි, උණ්ඩ සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටාන පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.



