අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මාර්තු මස 16 වැනිදා වන තෙක් කිසිදු පියවරක් නොගෙන දැනට පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙස අභියාචනාධිකරණය අද (11) පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝග කරනු ලැබුවා.
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගොනු කල රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරන ලදි.
මිනීමැරුම් චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (c) වගන්තිය අනූව පාර්ලිමේන්තු සැසිවාර සදහා යෑමට පාර්ලිමේන්තු මහලේකම්වරයා අවසර ලබා දුන් බව රංජන් රාමනායක සිය පෙත්සමෙන් අවධාරණය කර සිටියි.
රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.සුමන්දිරන් පවසා සිටියේ මේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අසනීප තත්ත්වයකින් පසුවන නිසා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.
පෙත්සම පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම මාර්තු මස 16වැනිදා සිදු කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කරනු ලැබුවා.
