පසුගිය ආණ්ඩුවේ සිටි ප්‍රබලයින් කිහිපදෙනෙකුගේ නම් ද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසයි.
කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයේ සිදුවීම් 8ක් සම්බන්ධයෙන් ලිපිගොනු වෙන් වෙන් වශයෙන් මේ වන විට නීතිපතිවරයාට භාර දී ඇති බවත්, ඒ වෙනුවෙන් නීතිඥවරු 12 ක් මේ වන විට නීතිපතිවරයා විසින් පත්කර ඇති බවත් සරත් වීරසේකර කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ අමාත්‍යවරයා,
“අපි විසින් 32ට විරුද්ධව මනුෂ්‍ය ඝාතන සහ කුමන්ත්‍රණ කිරීම් සඳහා නඩු පැවරීමට ඒ ලිපිගොනු යොමු කර තිබෙනවා. තව 251ක් රැඳවුම් නියෝග මත සහ රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. ඉදිරි මාස කිහිපය තුළ ජනතාවට දැනගන්න පුළුවන් වෙයි කොහොම ද මේ නඩුව විභාග වෙන්නේ කියලා.“
