Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 332ක් දක්වා ඉහළට

කොවිඩ් ආසාදනය හේතුවෙන් සිදු වූ මරණ තහවුරු කිරීමේ දී 2021 පෙබරවාරි 01 වන දින අංක 06 හා 07 වශයෙන් සඳහන් කර ඇති පුද්ගල මරණ 02 ප්‍රමාද දෝෂයකින් 2021 පෙබරවාරි 02 වන දින අංක 03 හා 05 ලෙස නැවත වාර්තා කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දේ. මේ හේතුවෙන් 2021 පෙබරවාරි 02 වන දිනට වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 328 ලෙස නිවැරදි විය යුතු වේ.

අද දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගින්ගේ මරණ 04ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගින්ගේ මරණ සංඛ්‍යාව 332කි.

329 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වල්ගම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි කාන්තාවකි. 2021 පෙබරවාරි 02 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 හේතුවෙන් පෙනහළු ආසාදනය වීමයි.

Giraya News Alerts

330 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දේවාලපොල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවකි. 2021 පෙබරවාරි 01 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් පෙනහළු ආසාදනය, උග්‍ර දියවැඩියාව සහ අපස්මාර රෝගී තත්ත්වයයි.

331 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මීගමුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මීගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු මුල්ලෙරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දි 2021 පෙබරවාරි 02 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ ද්වීතියික බැක්ටීරියා ආසාදනය හේතුවෙන් ඇති වූ ලේ විෂවීමේ කම්පනය සහ වකුගඩු රෝගී තත්ත්වයකි.

332 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, යටියන්තොට ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, පාලනය නොකල දියවැඩියාව, හෘද රෝගී තත්ත්වයක් සහ වකුගඩු රෝගී තත්ත්වයකි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top