Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

තවත් කොවිඩ් මරණ 7ක්, මාස 18ක දරුවෙකුත් ඒ අතර

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 07ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 330කි.

324 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වැලිගම ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 ජනවාරි 29 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ මොළයට ලේ වහනය විමයි.

325 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි. 2021 ජනවාරි 31 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, අධි රුධිර පීඩනය සහ ආඝාතයයි.

Giraya News Alerts

326 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වත්තේගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 31 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, අධි රුධිර පීඩනය සහ උග්‍ර දියවැඩියාවයි.

327 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවකි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පිඹුර දිස්ත්‍රික් රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, ලේ අඩුවීම, දියවැඩියාව සහ හෘද රෝගී තත්ත්වයකි.

328 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ලේ විෂ වීම, උග්‍ර දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ වකුගඩු රෝගී තත්ත්වයකි.

329 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 02 ප්‍රදේශයේ මාස 18ක් වයසැති පිරිමි දරුවෙකි. ලේඩි රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

330 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, රාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිසි පිරිමි පුද්ගලයෙකි. රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනිමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලටත් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරු කර යවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 02 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියාව, අධි රුධිර පීඩනය සහ ඇදුම රෝගී තත්ත්වයයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top