තමාට නියම කළ වසර 04ක සිර දඩුවම නැවත සලකා බලන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දුන් තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලමින් නීතිඥ දිනේෂ් විදානපතිරණ මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මෝසම ගොනු කර ඇත.
රන්ජන් රාමනායකට පසුගිය මස 12 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඩුවම් නියම කරනු ලැබුවා.
එම දඩුවම යළි සලකා බලන ලෙස ඉල්ලා ප්රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙස රන්ජන් රාමනායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසම මගින් ඉල්ලා සිටියි.
