Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 323ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 07ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 323කි.

317 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වත්තල ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවකි. උතුර කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 31 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ සංකූල වූ වකුගඩු රෝගයක් සහ ලේ විෂවීමෙන් ඇති වූ කම්පනයයි.

318 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ පිළිකා රෝගී තත්ත්වයකි.

Giraya News Alerts

319 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මුලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 ජනවාරි 31 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමග ඇති වූ උග්‍ර පෙනහළු ආසාදනය සහ හෘද රෝගී තත්ත්වයකි.

320 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ගම්පහ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළු කරන අවස්ථාවේ දී 2021 පෙබරවාරි 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය නිසා ඇති වූ හෘදයාබාධයකි.

321 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2021 ජනවාරි 30 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම සමඟ ඇති වූ බහු ඉන්ද්‍රීය අක්‍රීය වීම, කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ බ්‍රොන්කෝ නියුමෝනියාව සහ වකුගඩු ආසාදන තත්ත්වයකි.

322 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මඩවල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 පෙබරවාරි 01 දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ හෘදය අක්‍රීය වීමයි.

323 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිට තෙල්දෙණිය මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ ඇති වූ ලේ විෂවීම, උග්‍ර දියවැඩියාව සහ වකුගඩු රෝගී තත්ත්වයකි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top