Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

වලවේ ගඟේ ගිලී සිසුවියක් මිය යෑමේ සිද්ධියට ගුරුවරියක් අත්අඩංගුවට

බලංගොඩ, කල්තොට බටකොළ ප්‍රදේශයේදී වලවේ ගඟේ දිය නාමින් සිටි සිසු සිසුවියන් පිරිසක් අතුරින් එක් සිසුවියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත්තේ, කල්තොට පොලිස් වසමේ තන්ජන්තැන්න විද්‍යාලයේ භාහිර ක්‍රියාකාරකම් භාර ගුරුවරිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අදාළ ගුරුවරිය එම විද්‍යාලයේ ළමුන් 15 දෙනෙක් සමග පෙරේදා දිනයේ දී වලවේ ගඟේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී 16 හැවිරිදි දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

Giraya News Alerts

මේ සම්බන්ධයෙන්, කල්තොට පොලීසිය විසින් විමර්ශනයක් සිදුකර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ගුරුවරිය පාසලේ විදුහල්පතිවරයාගෙන් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් කිසිදු අවසරයක් ලබානොගෙන එම දරුවන් රැගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව, කල්තොට පොලීසිය විසින් නොසැලකිලිමත් ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, අද (01) දිනයේ දී ඇය බලන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කල්තොට පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top