Advertise with Giraya
FEATURES

කොරෝනා සාර්ථකව පාලනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව 10 වැනි තැනට

ඔස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයක් වන ලෝවි ආයතනය විසින් සිදුකල සමීක්ෂණයකට අනුව කොවිඩ් වසංගතය වඩාත් සාර්ථකව කළමණාකරණය කල රටවල් අතුරින් ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමිවී තිබෙනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්තව පවතින ලොව රටවල් 100 කට ආසන්න රටවල් සම්බන්ධයෙන් එම රටවල අභ්‍යන්තර ක්‍රියාකාරීත්ය මැන බැලීම සඳහා මෙම සමීක්ෂණය කර ඇති අතර එහිදී එක් එක් රටවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව, මරණ ගණන සහ සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව වැනි කරුණු පදනම් කරගෙන මෙම වාර්තාව සකස් කර තිබෙනවා.

ඒ අනුව, එහි පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ නවසීලන්තයයි. දෙවන ස්ථානය වියට්නාමයට ද, 03 වන ස්ථානය තායිවානයට ද, 04 වන ස්ථානය තායිලන්තයට ද, 05 වන ස්ථානය සයිප්‍රසයටද හිමිවී තිබෙනවා. රුවන්ඩාව 06 වන ස්ථානයේත්, අයිස්ලන්තය 07 වන ස්ථානයේත්, ඔස්ටේ්‍රලියාව 08 වන ස්ථානයේත්, ලැට්වියාව 09 වන ස්ථානයේත් පසුවනවා.

Giraya News Alerts

රටවල් 100 ක් පමණ යොදාගනිමින් සිදුකල මෙම අධ්‍යයනයට අනුව අමෙරිකාවට ලැබී ඇත්තේ 94 වන ස්ථානයයි. ඉන්දියාව 86 වන ස්ථානයට පත්ව තිබෙනවා.

කෙසේවෙතත් චීනය මෙම අධ්‍යයනයට දායක කරගෙන නොමැති අතර ඊට හේතුවී ඇත්තේ චීනය විසින් තහවුරු කල දත්ත ප්‍රමාණවත් පරිදි ලබා නොදීමයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top