පසුගිය 25 වනදා උදෑසනපානදුර උතුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් සහ විශේෂ බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන අරඹා ඇත.
අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ත්‍රීරෝද රථයේම ගමන්කර තිබූ 27 හැවිරිදි සැකකරුවෙකි. සිද්ධියට අදාළව සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුවෙමින් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
සම්බන්ධිත පුවත්
