Advertise with Giraya
Giraya NewsGiraya News
FEATURES

කොවිඩ් එන්නතට මහජනතාව දක්වන ප්‍රතිචාරය ගැන සමීක්ෂණයක්

කොවිඩ්19 එන්නත සඳහා මහජනතාව දක්වන ප්‍රතිචාරය පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ, චර්යා පර්යේෂණ ඒකකය මගින් සමීක්ෂණයක් සිදුකර තිබේ. ඊට අදාළ වාර්තාව එම කාර්යාංශය ඊයේ (25) මාධ්‍ය වෙත නිකුත් කළේ ය.

අදාළ සමීක්ෂණය සඳහා පුද්ගලයින් 895 දෙනෙකුගෙන් යුත් නියැදියක් යොදා ගෙන ඇති අතර එම නියැදියට 55%ක් පිරිමි පුද්ගලයින් ද, 81%ක් සිංහල ජාතිකයින් ද, 63%ක් බස්නාහිර පළාතේ පුද්ගලයින් ද සහ 73%ක් උපාධිධාරීන් හෝ ඊට වැඩි අධ්‍යාපන සුදුසුකම් ලත් අය ඇතුළත්ව සිටි බව එම වාර්තාව සඳහන් කරයි.

ඊට අනුව, සම්පූර්ණ නියැදියෙන් 80%ක් දැනට රැකියාවේ නියුතු පුද්ගලයින් වන අතර ඉන් 27%ක් සෞඛ්‍ය සේවකයින් වේ. 51%කට පමණ රුපියල් 100,000 ඉක්ම වූ ආදායමක් ඇත.එමෙන් ම, එම සම්පූර්ණ නියැදියෙන් 99.3%කට කිසි දිනක පී.සී.ආර්. පරී ක්ෂණයකින් කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී නැත.

Giraya News Alerts

එම සමීක්ෂණ වාර්තාව අනුව, 43% කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිචාර දක්වා ඇත්තේ, එන්නතෙන් සාමාන්‍ය ආරක්ෂා වක් ලැබෙනු ඇති බවට ය. 32.5%ක් එය විය හැකි බවටත්, 14%ක් එය බොහෝ දුරට විය හැකි බවටත් ප්‍රති චාර දක්වා තිබේ.

සම්පූර්ණ නියැදියෙන් 54%ක් සඳහන් කර ඇත්තේ, එන්න ත ලබා දීමක් සිදු කළ හොත් එය ලබාගන්නා බවට ය. 38%ක් එන්නත ලබා ගැනීම පිළිබඳව අවිනිශ්චිත බවටත් 8%ක් කිසි දිනෙකත් එන්න ත ලබා නොගන්නා බවටත් සඳහන් කර ඇත.

සෞඛ්‍ය සේවකයින් 57.4%ක් ප්‍රතිචාර දක්වා ඇත්තේ, එන්නත ලබා ගන්නා බවට ය. කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවකයින්ගේ 37%ක් එන්නත ලබා ගැනීම පිළිබඳව අවිනිශ්චිත බවට ප්‍රතිචාර දක්වා තිබේ.

එම සමීක්ෂණය අනුව අනාවරණය වී ඇත්තේ, මහජනතාව වැඩි වශයෙන් සැලකිලිමත්වී ඇත්තේ එන්නතෙහි සන්නාමය, අතුරු ප්‍රතිඵල හා ආසාත්මිකතා පිළිබඳව සහ එන්නත විසින් ලබා දෙනු ලබන ආරක්ෂාවේ කාල සීමාව පිළිබඳව ය.

එන්නත මිලදී ගැනීමට ඇති හැකියාව පිළිබඳව මහජනතාව සැලකිලිමත්වී ඇත්තේ ඉතා අඩු වශයෙන් බව එම වර්තාවේ සඳහන් වේ.

-මව්බිම-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top