Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

වැඩසිටි කන්දේ හිමියන් ඝාතනයට තැත් කරලා

මැර කණ්ඩායමක් ඊයේ (25) සවස වැඩසිටි කන්දට පැමිණ තමන් ඝාතනය කර වැඩසිටි කන්ද බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තැත්කළ බව වැඩසිටි කන්ද විහාරාධිපති ශාස්ත‍්‍රපති හීල්ලේ ඤාණානන්ද නාහිමියන් මාධ්‍යයට පවසා තිබෙනවා.

තමා මේ ගැන දුරකථනයෙන් පොලිසියට පැමිණිලි කළ පසු පොලිසියෙන් පැමිණි බවත් එම මැර පිරිස වාහනවලින් පලායෑමට උත්සාහ කරද්දී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ සිද්ධිය වූයේ ඊයේ (25) සවස 3.45 ට 4.00 ට පමණ බවද ඔවුන් සතුව අවි ආයුධ තිබූ බවද ඥානානන්ද හිමියෝ ප‍්‍රකාශ කළහ.

Giraya News Alerts

පන්සලේ සිටින ලියන මහතාට සහ ආරක්‍ෂාවට සිටි රාලහාමිට ද මේ මැර පිරිස පහර දී ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.

මේ අය උත්සාහ කළේ මැර බලයෙන් වැඩහිටි කන්ද බලහත්කාරයෙන් මේ අයගේ ග‍්‍රහණයට ගැනීමට බවද එම පිරිස සමග භික්ෂූන් වහන්සේලා පිරිසක් ද පැමිණි බව ද වැඩහිටි කන්ද විහාරාධිපති හීල්ලේ ඥානානන්ද නාහිමියෝ සඳහන් කළහ.

-දිවයින-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top