පානදුර උතුර, පල්ලෙමුල්ල ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ, මොරටුව සිට පානදුර දෙසට ධාවනය කරමින් ත්රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බවයි.
එහිදී ත්රී රෝද රථයේ පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තුවාල ලැබූ පුද්ගලයෙකු පානදුර මූලික රෝහළට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් තිබෙනවා.
වෙඩි ප්රහාරය එල්ලකල පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
