සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි හට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව බී.බී.සී. සිංහල පුවත් සේවය සඳහන් කරයි. ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවකින් ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග පැවසූ බව එම පුවතින් වාර්තා කර තිබේ.
එමෙන්ම, සිදුකරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවෙස් නිරෝධායනයවීමට තීරණයකර ඇති බව ද එම පුවතෙන් වාර්තා කරයි.
කෙසේ වෙතත්, මේ පිළිබඳ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැවගෙන් විමසු විට ඔහු සඳහන් කර ඇත්තේ එවැනි සිදුවීමක් පිළිබඳව මෙතෙක් තමාද නොදැනුවත් බව ද ‘අද දෙරණ’ වාර්තා කර තිබෙනවා.
