Advertise with Giraya
NEWS

අටලුගමදී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ පුද්ගලයාට සිර දඬුවම්

බණ්ඩාරගම අටුලුගමදී පසුගිය දෙසැම්බර් මස 02 වනදා සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසීමේ සිද්ධියට වරදකරුවූ තැනැත්තාට වසර 06 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් සහ රුපියල් 10 000 ක දඩයක් නියම කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

එමෙන්ම සිද්ධියට මුහුණ පෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ සෞඛ්‍ය සේවකයන්ට රුපියල් ලක්ෂ 04 ක වන්දි මුදලක්ද ගෙවන ලෙස පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වරදකරුට නියම කර ඇත.

මොහුට එරෙහිව පොලිසිය විසින් චෝදනා 08 ක් යටතේ නඩු පවරා තිබූ අතර ඉන් චෝදනා 03 කට ඔහු වරදකරු කරමින් අධිකරණය එක් චෝදනාවකට වසර 02 බැගින් වසර 06 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 04 ක වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර 02 ක සිර දඩුවමක්ද මෙම තැනැත්තාට නියම වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, “මේ සම්බන්ධව අදාළ පුද්ගලයා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නඩු පැවරීම සිදුකළා පානදුර අධිකරණයේ දී ඒ අනුව ඔහුට විරුද්ධව චෝදනා 8ක් යටතේ බණ්ඩාරගම පොලීසිය විසින් නඩු පවරා තිබෙනවා. රජයේ නිලධාරියෙකුගේ රාජකාරියෙකුට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, නිරෝධායන නියෝගයකට අවනත නොවීම, රජයේ නිලධාරියෙකුගේ නියෝගයකට අවනත නොවීම ආදි චෝදනා යටතේ මොහුට විරුද්ධව නඩු පවරනු ලැබුවා. අද දිනයේ දී අධිකරණය විසින් ඔහුගේ වරද පිළිගැනීම මත අදාළ පුද්ගලයා වරදකරු බවට පත්කර තිබෙනවා. මේ සියලු කරුණු සලකා බලා චෝදනා තුනකට වසර 2 බැගින් වු සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ වගේම මීට රුපයල් 10,000 දඩයක් ද නියම කර තිබෙනවා. ඒ අනුව එම පුද්ගලයා බන්ධනාගාරය විසින් රැගෙන ගොස් තිබෙනවා. යනුවෙන් පැවසුවා.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top