Advertise with Giraya
Giraya NewsGiraya News
Gossip

පැණිය ගන්න පැමිණි වෛද්‍යවරයා රහසේ පටිගත කළ වීඩියෝව ගැන ධම්මික බණ්ඩාර කියූ කතාව

පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසක් සමඟ ගැටුමක් ඇති කර ගැනීම සම්බන්ධව කොරෝනා වෛරසයට එරෙහිව ඖෂධයක් නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර අද (21) සිය අදහස් මාධ්‍ය වෙත පළ කරනු ලැබුවා.

ඒ අද (21) දිනයේ දී කෑගල්ල උඩුකුඹුර පිහිටි ඔහුගේ නිවසේ දී ඔහු විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා වෛරසය මර්දන ඖෂධ බෝතල් 5000ක් නොමිලේ ලබා දීමේ අවස්ථාවේ දීය.

එහිදී ඔහු පැවසුවේ, “පසුගිය දිනක වෛද්‍යවරු දෙදෙනෙකුත් මම දන්න කියන වෛද්‍යවරයෙක් කාලයක් තිස්සේ ආපු අනුරාධ කොළඹගේ කියලා වෛද්‍යවරයෙකුත් තව පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍යවරයෙකුත් හා හෙදියන් දෙදෙනෙකුත් රෑ වෙලා 7.30 – 8.00 වගේ මගේ ස්ථානයට ආවා. ඇවිත් මගෙන් නොයෙක් ප්‍රශ්න ඇහුවා. ටික වෙලාවකින් මට දැනුනා කවුරුහරි එක්කෙනෙක් මේ කතාව රෙකෝඩ් කරනවා වගේ. එතුමාගේ දුරකථනය ගෙන පරීක්ෂා කරද්දි එතුමා දීර්ඝ වේලාවක් මේක රෙකොඩ් කරලා තිබුණා කතාව සම්පූර්ණයෙන් වගේ. අපි අවවාද කළා ඔබතුමා වෛද්‍යවරයෙක් ලෙස මේ කරන දේ වැරදි කියලා. එතනට ආපු වෛද්‍යවරු කිව්වා මේක පොලීසියට දෙන්න එපා කියලා. පොලීසියෙන් ඒ වෙලාවේ මෙතෙනට ආවා. වැදලා ඉල්ලුවා මේක පොලීසියට කියන්න එපා රැකියාවට බාධාවක් කියලා. ඒ නිසා අපි පොලීසියට පැමිණිලි කරේ නෑ. නීතියෙන් මගේ තැනට ඇවිල්ලා මටම හානියක් කරන කෙනාට ද වරද තියෙන්නේ නැතිනම් ඒ කෙනා ගිහින් දාන බොරු චෝදනාවට ද වරද තියෙන්නේ. මේ කරන සායනික පරීක්ෂණය නිමවෙන තුරු කාටවත් චෝදනාවක් එල්ල කරන්න බැහැ මේ බෙහෙත හරි ද වැරදි ද කියලා. එතුමාගේ සියලු කතා අපේ ළමයි වීඩියෝ ගත කළා ඒවත් අද අපි මාධ්‍යයට මුදා හරින්න කැමති.“

Giraya News Alerts

එම සිදුවීම සිදුවන අවස්ථාවේ දී වීඩියෝ ගත කරන ලද දර්ශන පෙළෙක් ඒ අනුව මුදාහරිනු ලැබීය.

එහිදී පේරාදෙණිය පොලීසියට පැමිණිලි කළ බවට පැවසෙන වෛද්‍යවරයා මෙසේ සඳහන් කරයි.

“අපේ සර් අද දවල් කිව්වා හදිසි ගමනක් යනවා යමුද කියලා. මම නෝනට කිව්වහම එයා කිව්වා ඔයා යන්න, ගිහින් බලන්න, ගියාම ඔයාට ම සත්‍ය තේරෙයි කියලා. ඇත්තටම මම ආවේ, යමක් බලන්න තමයි. ඇත්තටම සත්‍ය තේරුණා දැන්. මට සත්‍ය තේරෙනවා. නෝනා විසින් මාව මෙතෙනට එවලා මට දඬුවම් දුන්නාද කියලා මට හිතෙනවා. මම දඬුවම් වින්දා. මින් ඉදිරියට සමහරවිට මෑණියන්ගේ මේ කර්තව්‍යයට වෛද්‍යවරු විරුද්ධ වුණත් මම ඒකට නැඟීසිටි කියලත් මම දැන් බලාපොරොත්තු වෙනවා උපරිමයෙන්. මම එහෙම විරුද්ධව කතා කරලත් නෑ කොහෙවත්. මම ෆේස් බුක් එකේ ෂෙයා කරා විතරයි. නෝනා මාව එව්වේ අම්මලටත් එක්ක පැණි ගේන්න කියලා. ඒ හින්දා මම දඬුවම් වින්දා. නෝනට පෙන්නන්න තමයි මම ඕක වීඩියෝ කෙරෙත්. ඒක නිසා මට සමාව දෙන්න. මින් ඉදිරියට එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ.”

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top