15 හැවිරිදි පාසල් දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරිය උපත් පාළන පෙති පානය කිරීම පිළිබඳව පියා දැක ඇති අතර ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීමක දී සැකකරු විසින් දැරියගේ අසභ්‍ය වීඩියෝවක් ළඟ තබාගනිමින් වසර දෙකක් තිස්සේ දැරියට අතවර කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම, මෙම සැකකරු මීට පෙර දැරිය සමඟ සම්බන්ධයක් ඇති කරගෙන ඇති අතර එහිදී පියා විසින් අදාළ පුද්ගලයාට සහ දැරියට අවවාද කිරීමෙන් අනතුරුව එම සම්බන්ධය නවතා දමා ඇති බවට හඟවා තිබෙනවා.
කෙසේ වෙතත්, පසුව සැකකරු විසින් දැරිය ලවා මව්පියන්ට නිදිපෙති ලබා දී ඇති අතර එම අවස්ථාවන් හි සැකකරු නිවසට පැමිණ දැරිය අපයෝජනය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
