පොල් ගෙඩි 21 ක් හොරෙන් කඩා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල අද (20) නියෝග කර තිබෙනවා.
ඇප මත මුදා හරිනු ලැබූ ගාල්ල කන්දෙවත්ත පදිංචි එන්.ජී.නිලංග දිනුෂ නමැති සැකකරු විසින්ඊයේ (19) දිනයේ දී ගාල්ල දුම්රිය නිල නිවාස පිහිටි ඉඩමේ පොල් ගසකින් හොරෙන් පොල් ගෙඩි 21ක් කඩා එම ස්ථානයේම ඇති 172 කිලෝ මිටර් කණුවේ ගසා ලෙලි ගසමින් සිටියදි දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් අල්ලාගෙන ගාල්ල පොලීසියට භාර දී තිබෙනවා.
ගාල්ල විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක සුජිවගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක රංජිත් ආනන්ද විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර වැඩිදුර නඩු විභාගය මැයි 4 වන දිනට කල් තබන ලදි.
සම්බන්ධිත පුවත්
