කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාත්ගේ පියා ලබන මස 2 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, අද (20) දින එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහයිල් හමුවේ කැඳවූ අවස්ථාවේ දී ය.
ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේ කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවා.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළේ ලබන මස 2 වන දා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.
