Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කෑගල්ලේ ධම්මික බණ්ඩාර අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන අරඹයි

කොරෝනා වෛරසය මර්දනයට ඖෂධයක් නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාරට එරෙහිව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දී තර්ජනය කිරීමේ සිද්ධියකට අදළවයි.

මෙලෙස පහර කෑමට ලක්ව ඇතැයි කියන වෛද්‍යවරයා පේරාදෙණිය පොලීසිය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මඟින් කෑගල්ල පොලිසිය වෙත යොමු කර ඇති අතර ඒ අනුව පරීක්ෂණ කටයුතු අරඹා ඇත.

මෙම වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායමක් කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවෙසට පැණිය ගන්නට පැමිණ ඇති අතර එහිදී පහර දීමක් සිදුව ඇති බවට වෛද්‍යවරයා විසිින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Giraya News Alerts

අදාළ පැමිණිල්ලේ සඳහන් වන ආකාරයට පසුගිය දිනෙක පේරාදෙණිය දන්ත වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසක් කෑගල්ලේ ධම්මික බණ්ඩාර හමුවීමට ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. එහිදී ධම්මික බණ්ජාව විසින් වෛද්‍යවරුන්ට බැන වැදීමට පටන් ගෙන ඇති අතර පසුව වෛද්‍යවරයා එම සිදුවීම සිය ජංගම දුරකථනයෙන් පටිගත කිරිමට පියවර ගෙන ඇත.

නමුත් මෙම සිදුවිම පටිගත කරන ආකාරය ධම්මික බණ්ඩාරගේ ආරක්ෂාවට සිටින පිරිසක් විසින් දැකීමෙන් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, නිවස තුළ දී අදාළ වෛද්‍යවරයා ඇතුළු පිරිසට පහර දීමෙන් පසු අදාළ වීඩියෝව මකා දමා පැය කිහිපයක් පමණ ඔවුන් නිවාස අඩස්සියේ තබා ගැනීමට ද පිරිස කටයුතු කර ඇත.

එමෙන්ම, ‘කෑගල්ලේ පැත්ත පළාතේ යළි නොඑන’ ලෙසට ඔවුන් වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායමට තර්ජනය කර ඇති බව ද පැමිණිල්ලේ සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම කණ්ඩායම සුව පේරාදෙණියට පැමිණ මෙම පහරදීම සහ තර්ජනය කිරිම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ පැවැත්වෙන මෙම විමර්ශනයෙන් අනතුරුව ධම්මික බණ්ඩාර බොහෝදුරට පොලිස් අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් අද (20) දිනයේ දි ද විශාල ජනතාවක් මෙම පැණිය ලබාගැනීමට ධම්මික බණ්ඩාර නමැත්තාගේ නිවස ඉදිරිපිට රැස්ව සිටින බව ද වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top