ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයකට කඩා වැදුණු දෙදෙනෙකු එහි තිබූ මුදල් හා ස්වර්ණාභරණ කෝටි 4කට අධික ප්‍රමාණයක් කොල්ල කා පළා ගොස් ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මුහුණු ආවරණ, හිස් වැසුම් හා ජැකට් පැළඳගෙන යතුරු පැදියකින් ඊයේ (15) පස්වරුවේ දී අදාළ මූල්‍ය ආයතනයට කඩා වැදුණූ පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගින් අවි පෙන්විමන් සේවකයින් බිය වද්දා අදාළ මංකොල්ලය සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.
සැකකරුවන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙනවා.
මේ දිනවල කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් ඉහළයාමේ ප්‍රවණතාවක් දක්නට ඇති බැවින් මූල්‍ය ආයතන ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් පසුවන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලීමක් කළා.
